සිංහයන්ට, සිංහ ධේනුවන්ගෙන් පාඩමක් කොදෙව් කෙල්ලන්ට දුවන්න ගහපු හැටි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ඒ අද (18) පැවැති දෙවෙනි එක්දින ක්‍රිකට් තරගයත් කඩුලු 05කින් ජය ගනිමින්.

තරගය පැවැත්වුණේ හම්බන්තොටදී ය.

කාසිය වාසිය දිනා ගනිමින් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 31ක් තුළ සියලුදෙනා දැවී ලබා ගත්තේ ලකුණු 92ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 21යි පන්දු 2ක් තුළ කඩුලු 05ක් දැවී ලකුණු 93ක් ලබා ගැනීමට සමත් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *