සිඩ්නි වෙළෙඳ සංකීර්ණක සිදු වූ පිහි ඇණුමෙන් මියගිය ගණන ඉහළට

සිඩ්නි නුවර වෙළෙඳ සංකීර්ණයක් තුළ ඊයේ (13) දහවල් සිදු වූ පිහි ඇණුමෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස ජීවිතක්ෂයට පත් වූ හයදෙනා අතර පිහි ඇණුම සිදුකළ සැකකරු ද වන බැවයි.

ඊයේ (13) දහවල් සිඩ්නි නුවර වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දියේ පිහිටි වෙළෙඳ සංකීර්ණක් තුළ මෙම අපරධය සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රහාරකයා මියගොස් ඇති බවයි.

මෙම ප්‍රහාරයට නිශ්චිත හේතුවෙන් තවමත් අනාවරණය වී නොමැති බවයි සිඩ්නි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.

මේ අතර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *