සිදුවීමට ගිය බිහිසුණු අනතුරක් වළක්වා ගනිමින් ජීවිත 50ක් බේරූ රියැදුරු

නාවලපිටිය දොලොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනෙකු , මගින් පස්දෙනෙකු සහ බස් රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (09) දින උදැසන 6.45 ට පමණ නාවලපිටිය දොලොස්බාගේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය දෙකේ කණුව ප්‍රදේශයේදිය.

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථය ධාවනය වෙමින් තිබු අවස්තාවේ බස් රථයේ ඉදිරිපසින් විශාල ශබ්දයක් ඇසුණු බවත්, ඒ සමගම බස් රථය රියදුරු පාලනයෙන් මිදිමත් සමග බස් රථයේ රියදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගය අභියස පිහිටි කන්දක ගැටිමට සලස්සවා බස් රථය නතර කරගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

බස් රථය අනතුරට පත් වු ස්ථානයේ මාර්ගයේ අනෙක් පස මිටර් 300ක පමණ අධික බෑවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියදුරා බස් රථය ප්‍රපාතයට පෙරලිම වලක්වා ගනිමින් සිදු විමට ගිය විශාල අනතුරක් වලක්වාගෙන ඇති බවයි පොලිසිය පවසා සිටියේ.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුළු මගින් පනස් දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, එම බස් රථය පාසල් ප්‍රවාහනය කිරිම සදහා ධාවනයට එක් කර ඇති බස් රථයක් බවත්, බස් රථය ධාවනයෙන් ඉවත් කර තිබියදි නාවලපිටිය ලංගම ඩිපෝවේ කාර්මික අංශයේ නිලධාරින් එම බස් රථය යළිත් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇති බස් රථයක් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *