චීනය සිම්බාබ්වේට දුන් පොලී රහිත ණය කපා හැර තිබෙනවා.
දැඩි ආර්ථීක අර්බුදයකින් මිරීකි සිටින සිම්බාබ්වේ රාජ්‍ය වෙත චීනය විසින් ලබා දී තිබුණු පොලී රහිත ණයවලින් කොටසක් කපා හැරීමට චීනය කටයුතු කර තිබෙනවා.
සිම්බාබ්වේ රාජ්‍ය මුහුණ දෙන දැඩි ආර්ථීක අර්බුදයෙන් මිදීමට උපකාර වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි චීන මාධ්‍ය පවසන්නේ.
2023 සැප්තැම්බර් වන විට, සිම්බාබ්වේ රාජ්‍යය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 17.7ක් වූ අතර, එයින් ඩොලර් බිලියන 12.7ක් බාහිර වශයෙන් ලබාගත් ඒවායි.
ඉතිරි ඩොලර් බිලියන 5ක් දේශීය වශයෙන් ලබාගත් ඒවායි.


























