සිය ආණ්ඩුව යටතේ පගාවට දුන් සෑම බාර් බලපත්‍රයක්ම අහෝසි කරන බව විපක්ෂනායකවරයා කියයි

වයින් ස්ටෝර්ස්, බියර් බලපත්‍ර ආදී වරදාන වරප්‍රසාද ලබා දී විවිධ සහන ලබා දී විවිධ පුද්ගලයන් බිලී බා ගන්නා බවත් තමා ජනාධිපති වූ පසු අනීතිකව පගාවට අල්ලසට ලබා දුන් සෑම බලපත්‍රයක් ම අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් විජයග්‍රහණය කරා ගෙන යාම වෙනුවෙන් අද (17) බණ්ඩාරගම නගරයේ පැවැති විජයග්‍රාහී ජන රැළිය අමතමින්.

රටක් ගොඩනගන්න නම් පැහැදිලි වැඩපිළිවෙළක් තිබිය යුතු බවත් රජයක් තුළ ඉහළින් පහළට අදහස් ගලා යාම මෙන් ම පහළින් ඉහළට ද අදහස් ගලා යාමක් සිදුවිය යුතු වුව ඔහු කියා සිටියා.

එමෙන්ම අද රටේ සිදුවන්නේ ඉහළින් පහළට අදහස් ගලා යන චෞර තන්ත්‍රවාදය බවත් පැය 24ම සතියේ දින 7ම දින 365ම දූෂණය හොරකම වංචාව අල්ලස රටේ ඇති බවත් රටේ සෑම ගනුදෙනුවක ම හොරකම ඇති බවත් වීසා ගනුදෙනුව, පුනර්ජනනීය බලශක්ති ගනුදෙනුව, තෙල් ගනුදෙනුව ආදී ඕනෑ ම ගනුදෙනුවකින් හොරා කෑ සල්ලි ඔවුන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය ශක්තිමත් කරන්න යොදා ගන්නා බව විපක්ෂනායකවරයා කියා සිටියා.

ඔහු පවසා සිටියේ අද විවිධ කණ්ඩායම් එකට එකතු වී ඇති බවත් මේ එකතු වීම් සඳහා වයින් ස්ටෝර්ස්, බියර් බලපත්‍ර ආදී වරදාන වරප්‍රසාද ලබා දී විවිධ සහන ලබා දී විවිධ පුද්ගලයන් බිලී බා ගන්නා බවත් තමා ජනාධිපති වූ පසු අනීතිකව පගාවට අල්ලසට ලබා දුන් සෑම බලපත්‍රයක් ම අහෝසි කරන බවත් දේශපාලන අල්ලස්වලට සම්බන්ධ වූ දේශපාලනඥයන්ට සහ නිලධාරින්ට නීතිය හමුවේ උත්තර බැදීමට සිදුවන නිසා වැරදි දේ නොකර රට ගැන සිතා කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවය.

එසේ ම යම් අයකු දේශපාලන ගමනක් යා යුත්තේ දර්ශනයක්, ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් නිසා බවත් සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් සමඟ එකතු වූ සියලු දෙනා එකතු වුයේ මුදලට පගාවට අල්ලසට නොව ප්‍රතිපත්තිගරුකව බවත් මේ දුෂිත චෞර දේශපාලනයට මේ අධම සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබිය යුතු බව විපක්ෂනායකවරයා කියා සිටියා.

අද වරදාන වරප්‍රසාද සියල්ල භුක්ති විදින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බවත් ලක්ෂ 220ක් ජනතාව අනාථ කර මැතිවරණ සමයේ බොරු උප්පරවැට්ටි පොරොන්දු ඉදිරිපත් කර මෙවරත් රටේ ජනතාව රවට්ටන්න උත්සාහ කරන බවත් මේ අවස්ථාවේ රටේ ජනතාව තවදුරටත් රැවටෙන්න සූදානම් නොමැති බව ඔහු අනාවරණ කර සිටියා.

සමගි ජන බලවේගය මෙරට ප්‍රශ්නවලට විසඳුම් සපයන්න සූදානම් බවත් ආර්ථිකය ඝාතනය කරපු අය සහ ආර්ථික ඝාතනය හරහා රට විනාශ කළ අවස්ථාවක රට ගොඩගන්න රට ශක්තිමත් කරන්න සංවර්ධනයෙ අරුනළු ලබා දෙන්න සූදානම් බව විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *