සිය මවගේ රත්‍රං මාලය සොරාගත් පුත්‍රයෙක් ඊයේ (14) පස්වරුවේ හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැටන් පොලිස් වසමට අයත් ෂැනන් වතුයායේ පදිංචි කාන්තාවකගේ පවුම් 05ක් පමණ වන රත්‍රං මාලයක් නිවසේ අල්මාරියේ තිබී රෝරගෙන ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

එම පැමිණිල්ල මත සිදුකළ විමර්ශනයක දී සොරකමට සැකපිට අදාළ කාන්තාවගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම කාන්තාවගේ නිවසට යාබද නිවසක ඔහු පදිංචිව සිටින බවත් ඔහුගේ බිරිඳ විදෙස් ගතව සිටින බවත්, සැකකරු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින අයෙකු බවයි අනාවරණය වී ඇත්තේ

සක්කර පුත්‍රා විසින් සොරාගත් එම මාලය හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයකට උකස් කර රුපියල් ලක්ෂ 09ක මුදලක් ලබාගෙන තිබෙනවා.

එලෙස ලබාගත් මුදල්වලින් ලක්ෂයක මුදලක් ඔහුගේ මිතුරෙකුට ලබා දී ඇති අතර, ඉතිරි මුදල් සියල්ලම සැකකරු වියදම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (15) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව හැටන් පොලිසිය සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *