සිය රජයක් යටතේ ගොවි වගා ණය කපා හරිනවා

කූඨ ව්‍යාපාරිකයින්ගේ බොල් ණය කපා හැරීම වෙනුවට ගොවි ජනතාවගේ වගා ණය කපා හැරීමට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගොවිජන සමුළුව අමතමින්.

සමගි ජන බලවේගය සංවිධාන කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ගොවි සමුළුව කන්තලේ නගරයේදී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී හිටපු අමාත්‍ය MKADS ගුණවර්ධන මහතාගේ පුත්‍රයා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සේරුවිල ආසන සංවිධායක නලින් ගුණවර්ධන මහතා විපක්ෂ නායකවරයාට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග එක්වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන සංසදයේ සභාපතිනි සීතා රංජනී මහත්මිය ද විපක්ෂ නායකවරයාට සහාය පළ කරමින් සමගි ජන බලවේගය සමග මෙහිදී එක්වුණා.

මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ආරියවතී ගලප්පත්ති මහත්මිය සමගි ජන බලවේගය සමග එක්වූ අතර ඇය ද මෙම සමුළුවට එක්ව සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *