එක්සත් ජාතික පක්ෂයේ UNP අරටුව සංවිධානය එක්සත් ජාතික පක්ෂය නැවත නඟා සිටුවීම පිණිස ව්‍යාපෘතියක් භාරදීම සඳහා සිරිපොත පක්ෂ මූලස්ථානයට පැමිණියා මෙහිදී පක්ෂ මූලස්ථානයේ හිටපු ජනාධිපතිතුමාට මෙම සංදේශය භාරදීමට පැමිණියත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේ විදේශගතවී සිටින නිසා එය ලබාදීමට නොහැකි වුණා
කෙසේ වෙතත් අදාල පිරිස සිරිකොත පක්ෂ මූලස්ථානය අසලින් පිටව යෑමට සැරසීමේදී රවි කරුණානායක මහතාගේ ලේකම් යැයි කියාගන්නා පුද්ගලයෙක් ( රන්දික)මෝටර් රථයකින් පැමිණ පහර දුන් බවට සංදේශය භාරදීමට අය පවසනවා….
එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් අරටුව සංවිධානයේ නිලධාරීන්ගෙන් පහරදීම සම්බන්ධව සාක්ෂි සටහන් කරගන්නා ලදී…