සිව් හැවිරිදි දැරියකගේ මළ සිරුරක් රුවන්වැල්ලේ ලිඳකින් හමුවේ

රුවන්වැල්ල කිරිපෝරුව ප්‍රදේශයේ ලිදක තිබී සිව් හැවිරිදි දැරියකගේ මල සිරුරක් සොයා ගෙන තිබෙනවා.

ඒ අසල සිහිසුන්ව සිටි ඇගේ මවද රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඇය කථනාබාධිත තැනැත්තියක් බවද පොලිසිය පැවසුවා.

අද පෙරවරුවේ මෙම සිදුවීම වාර්තා වී ඇති අතර අදාල දැරිය ලිදට වැටුණු ආකාරය මේ වන විටත් අනාවරණය වී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *