සිසුන් 08ක් රෝහලට යැවූ ප්‍රහාරය

පාසල් නිමා වි නිවස කරා යමින් සිටි පාසල් ළමුන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් ළමුන් 08 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඊයේ(17) ඇතුලත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය පවසනවා.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ නොර්වුඩ් එල්බොඩ දමිල මහා විද්‍යාලයේ 09වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියන් සිව්දෙනෙකු සහ සිසුන් සිව්දෙනෙකු බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

පාසල අසල පිහිටා ඇති විශාල ගසක බැද තිබු බඹර කුඩුවක් එකවරම ඇවිස්සි පස්වරු 2 ට පමණ තමන්ට පහර දුන් බවත්, එම වතුයායේ වතු කම්කරුවන් තමන්ව බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසු සිසුවියන් පවසා සිටියේ.

ප්‍රදේශයේ පවතින දැඩි සුලං සහ අධික වර්ෂාව හේතුවෙන් තේ වතු වල ගස් වල බැද ඇති බඹර කුඩු ඇවිස්සෙන බවයි වතු කම්කරුවන් පවසා සිටින්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *