සිසුවියකට හදි කළ සිද්ධියකට ගුරුවරයෙකු සහ නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට

සිසුවියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පාසල් ගුරුවරයෙකු සහ එම පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලිංගික අතවර සිදුකළ බව කියන පාසල් ගුරුවරයා සමග එම සිදුවීම වසන් කළ බවට චෝදනා එල්ල වන අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනිය මෙසේ අත්අඩංගුවට ගත් බවයි මාතලේ, මහවෙල පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිල්ලක් ලැබී තිබෙන අතර, පසුව ඒ සම්බන්ධයෙන් මහවෙල පොලීසිය සිදුකළ විමර්ශනයකින් පසුවයි සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී මෙම සිසුවිය ඉගෙනුම ලබන පාසලේ ගුරුවරයෙකු විසින් ඇය ලිංගික අතවරයට ලක් කර තිබෙන බව සනාත වී තිබෙනවා.

මෙම සිදුවීම කිසිවෙකුට නොදන්වන ලෙස නියෝජ්‍ය විදුහල්පතිනිය දන්වා තිබෙන බවයි හෙලි වී ඇත්තේ.

පසුව ඒ බව සිසුවිය පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

ඒ අනුව සිද්ධියට සැකපිට එම 51 හැවිරිදි ගුරුවරයා සහ 49 හැවිරිදි නියෝජ්‍ය විදුහල්පතිනිය අත්අඩංගුවට ගත් බවයි මහවෙල පොලීසිය පවසන්නේ.

ඔවුන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *