සිසුවියක් අපයෝජනය කළ ටියුෂන් ගුරා අත්අඩංගුවට

යාපනයේ මනිපායී ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක වයස අවුරුදු දාසයක සිසුවියක් සමග ලිංගික සබදකම් පවැත්වූ අවුරුදු හතලිස් දෙකක ගුරුවරයෙකු මනිපායී පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම උපකාරක පන්තියට ගිය සිසුවියක් විසින් මේ සිද්ධිය අතවරයට ලක් වූ සිසුවියගේ දෙමව්පියන්ට පැවසීමෙන් පසුව එම දෙමව්පියන් මනිපායී පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය විසින් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ අදාළ ගුරුවරයා තවත් සිසුවියන් කීප දෙනෙකුම තම ග්‍රහණයට හසු කර ගැනීමට උත්සහ කොට ඇතත් එම සිසුවියන් ඊට අවනත වී නොමැති බවයි.

මේ සිසුවිය රවටා ගත් ගුරුවරයා ඇය සමග කාලයක් ලිංගික සබදකම් පවත්වා ඇති අතර සිසුවිය යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් ලබාගත් වාර්තාවකින් ඒ බව සනාථ වීමෙන් පසුව ගුරුවරයාව අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එම ගුරුවරයා යාපනයේ රජයේ පාසලක ගුරුවරයෙකු වන අතර ඔහුට නිදහස් අවස්ථාවලදී මනිපායී ප්‍රදේශයේ මෙම උපකාරක පන්තිය පවත්වා ගෙන ගොස් ඇති බවයි.

සිසුවිය සමග ඔහු ලිංගිකව හැසිරී ඇත්තේ එම උපකාරක පන්ති ගොඩනැගිල්ලේ තිබූ කාමරයකදී බවද වාර්තා වෙනවා.

මනිපායී පොලිසිය අදාළ ගුරුවරයාගෙන් හා උපකාරක පන්තියේ තවත් සිසුවියන් කීප දෙනෙකුගෙන් ප්‍රශ්න කරගෙන යන අතර සැක කටයුතු ගුරුවරයා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *