සීදූවේ කාණුවක තිබී තරුණියකගේ මළ සිරුරක් හමුවෙයි

සීදූව ප්‍රදේශයේ ලියනගේමුල්ල ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල කාණුවක තිබී තරුණියකගේ මළ සිරුරක් අද (28) හමු වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට ලක් වී ඇත්තේ ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එක්දරු මවක් බවයි සඳහන් වන්නේ.

ඇයගේ මුහුණ තුවාල වී තිබි ඇති අතර, අන්‍යතාව තහවුරු වී නොමැත.

පොලිසිය පවසන්නේ මෙම කාන්තාව මීට වසර 06 කට පමණ පෙර කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවය සඳහා පැමිණ ඇති අතර, පසුව ඇය සීදුව සංචාරක හෝටලයක සේවය කරන පුද්ගලයෙකු සමඟ අදාළ නේවාසිකාගාරයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බවයි.

දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, සීදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *