තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ පවතින ආයතන කිහිපයක නිරීක්ෂණ කටයුතු සඳහා අද (11) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් එක්විය.
එහිදී ජේ.ආර්. ජයවර්ධන කේනද්රයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා හා යටිතල පහසුකම් අංශය නිරීක්ෂණය කළ අමාත්‍යවරුන් එහි පවතින වර්තමාන තත්වය පිළිබඳ නිලධාරී මහත්ම මහත්මීන් සමඟ සාකච්ඡා කල අතර, ක්‍රීඩාවේ අනාගතය උදෙසා ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඉදිරියේ දී සංවර්ධනය විය යුතු කඩිනම් ව්‍යාපෘති පිළිබද සාකඡාවක නිරත විය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා උසස් හා විධිමත් පාඨමාලා හරහා දැනුම ලබාදෙන ක්‍රීඩා විද්‍යායතනය නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරුන් සහභාගී විය. රටක ජාත්‍යන්තර ජයග්‍රහණයන්හි වටිනාකම හා වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරුන් ඒ සඳහා තාක්ෂණික මෙන්ම ප්‍රායෝගික න්‍යායන් පිළිබඳ මනා උපදේශනයක් හා පුහුණුවක් ලබා දෙන ක්‍රීඩා විද්‍යායතනයේ සේවය අගය කරන ලදී.
අනතුරුව ක්‍රීඩා වෛද්‍ය ආයතනය නිරීක්ෂණය කළ අමාත්‍යවරුන් එහි කටයුතු පිළිබඳව වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලයේද අදහස් හා යෝජනා ලබා ගන්නා ලදි. මෙතෙක් පැමිණි ගමන් මග වෙනුවට නවීන තාක්ෂණය සමඟින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතාවය, පෝෂණය හා දක්ෂතා ඔප්නැංවෙන ලෙස ආබාධවලින් තොර ක්‍රීඩකයින් බිහි කිරීම වෙනුවෙන් කැපවූ ආයතනයක් බවට පත් කිරීමේ වැදගත්කම පෙන්වා දෙන ලදි.
මෙරට තරුණ තරුණියන්ගේ ජීවන කුසලතා වර්ධනයට සහ ඔවුන්ගේ හැකියාවන්ට අදාළ පුහුණුව ලබා දෙන ජාතික යොවුන් සේනාංක මූලස්ථානය නිරීක්ෂණය කළ අමාත්‍යවරුන්, පුහුණු පාඨමලා සඳහා යොමුවන තරුණ තරුණියන්ට විධිමත් ශිෂ්‍යයත්ව වැඩසටහනක් මෙන්ම ගෝලීය රැකියා වෙළඳපොළ ඉලක්ක කර ගත් වෘත්තීය අධ්‍යාපනයත් ලබා දීමට වෘත්තීය අධ්‍යාපන ආයතන සම්බන්ධ කර ගනිමින් නව වැඩසටහනක් නිර්මාණය කල යුතු බව සාකච්ඡා කෙරුණි.
මෙම අවස්ථාවේ අදහස් දක්වමින් සුනිල් ගමගේ අමාත්‍යවරයා පවසා සිටියේ දියුණු රටක් ගොඩනැගීමේ කාර්යය පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ට පමණක් නොව රටේ ජනතාවගේද වගකීමක් බවයි. ජන වරම අනුව බහුතරයක් දෙනා බලාපොරොත්තු වූ රට නිර්මාණය කිරීමට වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් තම රජය විසින් ස්ථාපිත කර ඇති බව ද සදහන් කළේය.
පිළිමයක් නෙළනවා මෙන් ගුණ යහපත් තරුණයෙක් බිහි කළ නොහැකි බවත්, ඒ සඳහා යම් සාධාරණ කාලයක් අවශ්‍ය බවත් සිහිපත් කළ අමාත්‍යවරයා පසුගිය වකවානුවේ පොලු මුගුරු ගෙන ජාතිවාදය වපුරවපු ඇතැම් තරුණ කණ්ඩායම් යහමගට ගැනීමේ බැරෑරුම් වගකීම තම අමාත්‍යාංශය හා රජය සතු බව පැවසීය. නැවත අරගලයක් ඇති නොවන අයුරින් තරුණයන්ගේ අරමුණු සඵලකර පීඩාවන්ගෙන් මිදුනු තරුණ පරම්පරාවක් බිහි කිරීමේ ප්‍රබල අභියෝගය ජය ගැනීම සදහා කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන විධිමත් සැළසුම් අනුව කටයුතු කිරීමට සූදානම් බවත්, බලාපොරොත්තු වූ පොහොසත් රටත්, ලස්සන ජීවිතයත් උදාකරලීමට කැපවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය රටේ දුවාදරුවන්ගේ අනාගත ඉලක්ක සපුරාලන වගකිවයුතු අමාත්‍යංශයක් බවට පත් කිරීමෙහි ලා අනුබද්ධ ආයතනයන්හි වැදගත්කම හා කාර්යබාරය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණු අතර එම ඉලක්ක කරා ගමන් කිරීමට නව සැලසුම් කඩිනමින් ආරම්භ කිරීමට එහි ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
එම ආයතයන්හි දී ක්‍රීඩා හා යටිතල පහසුකම් අංශයේ අතිරේක ලේකම් සුධීර ජයරත්න, ක්‍රීඩා විද්‍ය ආයතනයේ අධ්යක්ෂ සජිත් ජයලාල්, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ලාල් ඒකනායක, ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.එස්.පී. රත්නායක යන මහත්වරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිළධාරීන් සහභාගී විය.