සුපිරි 8ට යන්න ප්‍රාතිහාර්යයක්?

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තණ තීරුවලට හැඩ නොගැසීම සහ පිතිකරුවන්ගේ අතිශය දුර්වල පිතිහරඹය හේතුවෙන් මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වන්නට සිදු වූ බව ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ප්‍රකාශ කරනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කථාවේ අඳුරුතම කාළ පරිච්ඡේදය ගෙවා දමමින් සිටින වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතිහාසයේ පළමු වරට, පන්දුවාර 20 ලෝක කුසලානයක මූලික වටයෙන් නිල නොවන ලෙස ඉවත් වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා – නේපාල තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට එම ඉරණමට මුහුණ දීමට සිදු වුණා.

දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන අමෙරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ මූලික වටයේ පළමු තරග දෙකෙන්ම ලැබුණේ අහිමිහිරි පරාජයන්.

එම පරාජයන් සමග අනෙකුත් කණ්ඩායම්වල පහනෙන් එළිය බලන්නට උත්සහ ගත් ශ්‍රී ‘ලංකා කණ්ඩායම නේපාලය සමග තරගය බිමට පිවිසීමට සැරසුණේ අමෙරිකාවේ ෆ්ලොරිඩාහිදීයි.

කෙසේ වෙතත් තරග ආරම්භයට පෙර සිටම ඇද හැලු‍ණු අධික වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා පිටිය පිහිණුම් තටාකයක් බවට පත්ව තිබුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ගමනට කණකොකා හඬවමින් තරගය අත්හැර දමන්නට විනිසුරුවරුන් සහ තරග තීරකවරයා ‘පියවර ගත්තා.

ඒ කණ්ඩායම් දෙකකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිකර දෙමින්.

මේ සමග මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයෙන් නිල නොවන ලෙස ඉවත් වූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි 8 දෙනාගේ තරග වටයට පිවිසෙන්නට නම් අනිද්දා පැවැත්වෙන බංග්ලාදේශ – නෙදර්ලන්ත තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමා, බංග්ලාදේශය නේපාලය සමග තරගයේදී පරාජය විය යුතුයි.

එමෙන්ම දකුණු අප්‍රිකාව නේපාලය ඉහළ ලකුණු පරතරයකින් පරාජය කළ යුතු වන අතර ‘ශ්‍රී ‘ලංකා කණ්ඩායමට මූලික වටයේ සහභාගි වන අවසන් තරගයේදී නෙදර්ලන්තය ඉහළ දළ ලකුණු වේගයක් සමග පරාජය කරන්නට සිදුවනවා.

2014 වසරේ පන්දුවාර 20 ලෝක ශූරයින් ලෙස අභිෂේක ලබා ඉන් දස වසරක් ගත වද්දී ශ්‍රී ‘ලංකා කණ්ඩායමට අත්ව ඇති ඉරණමට වගකීම භාර ගන්නේ කවුරුන් ද?

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම ගැන ක්‍රිකට් ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සදහන් කළේ, සුපිරි 08 දෙනාගේ වටයට යාමට ප්‍රාතිහාර්යක් අවශ්‍ය බවයි.

පරිපාලකයන් සිය බලය රැක ගැනීමේ අරමුණින් කටයුතු කරද්දී මෙන්ම ක්‍රිඩකයින් හා පුහුණු කාර්ය මණ්ඩලයෙන් සිදුවන වැරදි අප විසින් ‘පෙන්වා දෙද්දී, ක්‍රිකට් පරිපාලනය අපට දොස් නැගීමට කටයුතු කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *