සුසිල් ප්‍රේමජයන්තමාද්‍ය හමුව

අපි IMF සමග අවුරුදු දෙකක් සාකච්චා කරලා මේ ණය අරගෙන ගිවිසුම් ගත උනේ

නිසි ලෙස ඒ ණය ගෙවීමේ කටයුතු නොකළහොත් ඔවුන් නඩු පවරන්න හෝ ඉවත් වෙන්න පුළුවන් ගිවිසුමෙන්

අපි ණය ගෙවන්න නම් දල දේශීය නිෂ්පාදනය
අපගේ සංචිත වැඩි කරගත යුතුයි සංචිත ඩොලර් බිලියන 15 දක්වා වැඩිකරගන්න පුළුවන් නම් ඩොලර් බිලියන හතරක් ගෙවන්න පුළුවන්

අපි ඒ සැලසුම් හදලා තිබුනේ අද දැන් යන්නේ අතුරු සම්මත ගිණුමකින් අයවැයක් නැ අදායම් එන්නේ කොහොමද වියදම් යන්නේ කොහොමද කියලා නැ

රනිල් වික්‍රමසිංහ හිටියනම් ජනවාරි වෙනකොට අයවැය ඉදිරිපත් කරලා ගිවිසුම් ගතඋණු ආකාරයට ණය ගෙවීම් සඳහා වන ආර්ථික සැලසුම් ක්‍රියාත්මක වෙනවා

ඉදිරියේදී ක්‍රමානුකුලව වාහන ආනයනය රාජ්‍ය වැටුප් විෂමතා මේ දේවල් කරන කොට මේ රට ගෙනියන්න ඕන වැඩපිළිවෙලක සකස් විය යුතුයි

අපි 16 වතාවක් IMF ගියා මේ වතාවේ නිසිලෙස ක්‍රියාත්මක කල යුතුයි නැවත ණය ගෙවීම් සාකච්චා කරන්න ගියොත් තව අවුරුදු දෙකක් යයි එතකොට මොකද වෙන්නේ

එදා අපි පාර්ලිමේන්තුවෙ ආර්ථික පනත් මහබැංකු ස්වධින කරලා සහයෝගය දීලා මේ ණය වැඩසටහන කරගෙන ආවා රනිල් වික්‍රමසිංහ 2028 වෙනකොට මේ ණය ගෙවන ක්‍රමය සකස් කරලා තිබුනේ

කියන්න පුළුවන් නමුත් කරන්න ගියාම තමයි තේරෙන්නේ මුදල් අච්චු ගහන්න බැ දැන් ආණ්ඩුව ආර්ථිකය ඉදිරියට ගන්න ක්‍රියාවලිය පැහැදිලි කල යුතුයි

ණය හිමියන් සතුටු වෙන්නත් ඕන අපි ණය ගත්තු අය සතුටු වෙන්නත් ඕන 2028 දි හෝ ගෙවන්න කල් ලැබීම ලොකු දෙයක්

දැන් රාජ්‍ය අදායම් ලැබෙන ක්‍රමයක් සදහන් වෙන්නේ නැ අයවැයක් නොමැති නිසා ජනප්‍රිය මාතෘකා ලෙස කතා කරන්න පුළුවන් වේදිකාවල කියන්න පුළුවන් නමුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන විදිහ අපි කරගෙන ගිය පරණ විදිහම තමයි මේ අයට යන්න වෙන්නේ

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *