සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දිරාපත් වන නිර්වින්දන උපකරණ වලට වගකියන්නේ කවුද?

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෛව ඉංජිනේරු විද්‍යා ඒකකය තුළ මේ දිරාපත් වෙමින් යන්නේ රුපියල් කෝටි ගණනක් වටිනා වෛද්‍ය හා ශල්‍ය උපකරණයි.

පසුගිය කාලසීමාවේ දී රෝහල්වලට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පුද්ගලික ලාභ ලබාගැනීමේ අරමුණින් ශල්‍ය උපකරණ, නිර්වින්දන උපකරණ ඇතුළු සූත්‍ර විශාල ප්‍රමාණයක් නිවැරදි ප්‍රසම්පාදනයන් පවා උල්ලංඝනය කරමින් මිලදීගෙන ඇති අතර එසේ මිලදී ගත් උපකරණ රෝහල්වල ධාරිතාව ඉක්මවා ඇති බැවින් ඒවා බාර ගැනීමට කෙනෙක් නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයන් තුළ මේ අන්දමට දැන් අතහැර දමා ඇත.

මේවා සම්බන්ධ අවස්ථා කිහිපයකදීම සේවකයන් අමාත්‍යාංශ ලේකම්වරුන් හා ඉහළ නිලධාරීන් දැනුවත් කරද මෙම ක්‍රියාවන්ට සම්බන්ධ කිසිදු ජෛව විද්‍යා ඉංජිනේරු එකකයේ අතිරේක ලේකම්වරුන් හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විමර්ශනයක් සිදු වී නැත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *