හංවැල්ලේදී සිසුවියකට අතවර කළ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

හංවැල්ල ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් 06 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවයි.

හංවැල්ල, ⁣පහළ කොස්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක් තරුණයින් පස්දෙනෙකු විසින් සමූහ දූෂණයකට ලක් කළ බවට ලද පැමිණිල්ලකට අනුව හංවැල්ල පොලිසිය සහ නුගෝගෙඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය එක්ව පරීක්ෂණ ආරම්භ කළා.

එම විමර්ශනවලට අනුව අනාවරණ වි ඇත්තේ හංවැල්ල, ⁣පහල කොස්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි අදාළ පාසල් සිසුවිය ඊයේ (21) සිය පුංචි අමිමා සමග නගරයේ දන්සැලකට ගොස් තිබු බවයි.

පසුව ඇය පොත් කඩයකට යන බව පවසා එම ස්ථානයෙන් පිටවගොස් සිය පෙම්වතා හමුවී ඇති බව පොලිසිය සඳහන් කළා.

පෙම්වතා හමුවීමෙන් අනතුරුව යළි නිවස බලා යමින් සිටි ඇයව ඇඹුල්ගම හංදිය ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි අයෙකු විසින් බලහත්කාරයෙන් යතුරු පැදියට නංවාගෙන රැගෙන ගොස් තිබෙනවා.

ඔහු තම පෙම්වතාගේ යහළුවෙකු බවයි අදාළ සිසුවිය පොලිසිය හමුවේ පවසා තිබෙන්නේ.

අදාළ තරුණයා විසින් ඇය හංවැල්ල ජල්තර ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ආදාහානාගාරයකට රැගෙන ගොස් ඇති අතර, එම ස්ථානයට පැමිණි ඔහුගේ තවත් මිතුරන් සිව් දෙනෙකු ද සමග එම සිසුවියව සමූහ දූෂණයට ලක්කර ඇති බව පොලිසිය සඳහන් කලා.

මේ සම්බන්ධයෙන් අදාළ සිසුවිය කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය ඇය යතුරු පැදියට නංවාගෙන ආදාහනාගාරය දක්වා රැගෙන ගිය ප්‍රධාන සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා.

අවුරුදු 21 වයසැති ඔහු දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පැවසුවා.

පසුව සෙසු සිව්දෙනාද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබු අතර, අදාළ සිසුවියගේ මවගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදි අනාවරණ වි ඇත්තේ තවත් තරුණයින් දෙදෙනෙක් මෙම සිද්ධියට සම්බන්ධ බවටයි.

ඒ අනුව එම දෙදෙනාගෙන් එක් අයෙක් පොලිසිය අත්අඩංගවට ගෙන තිබුණා.

ඔහු අදාළ සිසුවියගේ පෙම්වතාද වන අතර, ඔහු විසින් ඇයව සිය නිවසට ගෙන ගොස් පළමුව දූෂණය කර තිබු බවට ද අනාවරණ වි තිබෙනවා.

ඉන් අනතුරුවයි ඔහු සිය මිතුරන්ට ඇය සම්බන්ධයෙන් පවසා ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

මේ අතර, පන්නිපිටිය ප්‍රදේශයේ කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 50 ක අල්ලසක් ඉල්ලු හිටපු පොලිස් කොස්තාපල්වරියක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ හිටපු පොලිස් කොස්තාපල්වරියගේ සැමියා ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි.

අදාළ පොලිස් කොස්තාපල්වරයා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබු අතර, ඔහු විසින් ඔවුන් ලිංගිකව එක්වු අවස්ථා සිය ජංගම දුරකථනයෙන් රූගත කර තිබෙනවා.

එම දර්ශන අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ බිරිඳට හසුවි තිබුණා.

පසුව ඇය එම දර්ශන අදාළ කාන්තාවට සහ තවත් කිහිපදෙනෙකුට වට්ස්ඇප් මාර්ගයෙන් යොමුකර ඇති අතර, විදේශගතව සිටින එම කාන්තාවගේ සැමියාටද අදාළ දර්ශන යවන බවට බියගන්වමින් රුපියල් ලක්ෂ 50 ක අල්ලස් මුදලක් ඉල්ලා තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අනියම් ඇසුර පත්වාගෙන ගිය කාන්තාව විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ කොස්තාපල් වරයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය පැවසුවේ ඇයව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *