හංවැල්ලේ පාසල් ශිෂ්‍යාවට හදි කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ ලෙස දූෂණයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යතුරුපැදියෙන් පැමිණි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හංවැල්ල පොලිසිය සඳහන් කළේ අතුරුගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ සැකකරු අද උදෑසන අත්අඩංගුවට ගත් බවයි.

21 හැවිරිදි මොහු නවගමුව – දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සෙසු සැකකරුවන් හතරදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කළා.

ඊයේ සිය පෙම්වතා හමුවී නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් බලහත්කාරයෙන් ඇයව එහි නංවාගෙන ගොස් ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුළදී තවත් පුද්ගලයන් හතරදෙනෙකු ද එක්ව අතවර කර තිබුණා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *