*හදිසියේ ඇති වු සංකූලතාවයක් නිසා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීම

මෙම සැකකරු බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී නොවැම්බර් මස 2වන දින රාත්‍රී කාලයේදී හදිසියේ ඇති වු සංකූලතාවයක් හේතුවෙන්, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් පැතූ අතර, එම වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (E.T.U) වෙත ඇතුලත් කර ඇත.

සැකකරු හදිසි ප්‍රතිකාර ඒකකයේ (E.T.U) වෛද්‍ය ප්‍රතිකාර අවසන් වීමෙන් අනතුරුව එම ඒකකයෙන් ඉවත්කර කොළඹ ජාතික රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කර ඇති අතර, දැනට සැකකරු බන්ධනාගාර නිළධාරීන්ගේ විශේෂ ආරක්ෂව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සාමාන්‍ය තත්වයේ සිටී.

ගාමිණී බී. දිසානායාක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

1 of 365

Leave A Reply

Your email address will not be published. Required fields are marked *