අතයන්ත්‍ර පේෂ කර්ම ප්‍රදර්ශනය විවෘත කෙරේ
සම්මාන උළෙලත් ඒ සමගම
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ අත්යන්ත්‍ර ජාතික කර්මාන්ත සම්මාන උළෙල ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන් නෙත්ති
කුඩා හා මධ්‍යම පරිමාණ විවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අමාත්‍යංශලේ කම් තිලකා ජයසුන්දර මහත්මිය යන මහත්ම මහත්මීන්ගේ මේ අවස්ථාට එක් වුණා.
ප්‍රදර්ශනය රන් සළු ලෙස නම් කර තිබුනා
පළාත් මට්ටමින් අයිතම විසිතුනක් යටතේ සම්මාන ප්‍රධානය කෙරුණා.
මංගල සාරි වර්ණසාරී සැහැල්ලු සාරි බිත්ති සැරසිලි ඇඳ ඇතිරිලි තිර රෙදි සඳහා මෙහිදී සම්මාන ප්‍රදානය කළා
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා..
මේක නටබුන් වෙච්ච කර්මාන්තයක්
ලෝකයේ හැමදේම අලුත් වෙලා තියෙනවනම් අලුත් දේට ගැලපෙන්න අපි නිර්මාණ කළ යුතුයි.
හෑන්ඩ් ලූම් බදික් වගේ දේවල් අද සුපිරි භාණ්ඩයක් බවට පත්වෙලා තියෙනවා ඒවට තැන ලැබිලා නෑ පැවතිච්ච රජයන් ඒවාට තැන ලබාදී නෑ. මේක පළාත් සභා විෂයක් නිසා කුඩම්මාගේ සැලකිලි ලැබිලා.
වතු කම්කරුගේ රම් සම ශූරා කෑමට සිදුවෙන කෙනෙක් තමයි අත්‍යන්ත පේෂකර්මාන්තකරුවා
මොවුන් නිෂ්පාදකයන් නොවේ නිර්මාණකරුවන්
නිර්මාණවල හැබෑ වටිනාකම වල මිල වැඩිවෙලා නෑ
මේවා දුක දන්න මිනිස්සු කියන ගානට වඩා සල්ලි දීලා ගන්නවා
මෙතෙක් මේ කර්මාන්තයේ නොහිතපු පිරිසක් මේ කර්මාන්තයට ගේන්න ක්‍රියා කරනවා
ලබන වසරේ අපි බලාපොරොත්තු වෙනවා පාසල් නිල ඇඳුම මසා ලබාදෙන්න
ලක්ෂ හතර හමාරක් පමණ ගුරුවරු ඉන්නවා. ඔවුන්ට පුළුවන්නම් දේශීය අත්‍යන්තරවලින් නිපදවූ සාරියක් අඳින්න වටිනා දෙයක්
හැම පාසල් ගුරුවරියකටම දහම් පාසල් ගුරුවරයෙකුටම ඇඳුමක් ලබා දෙන්න පුළුවන් නම් මේ කර්මාන්තය ආරක්ෂා කර ගන්න පුළුවන්
යෝජනා ගොඩක් සමග තමයි ජනතාව අපිට බලය ලබා දුන්නේ
දුෂ්කරතා මැද්දේ මෙම කර්මාන්තය ආරක්ෂා කර ගැනීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා