හඳුනා නොගත් කාන්තා මල සිරුරක් හමුවේ

මාතර පොලිස් වසමේ පරවි දූපතට යන පාලම යට මුහුදේ තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
මාතර පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ (11) රාත්‍රියේ මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 40 ත් 45 ත් අතර බවට පොලිසිය සැක කරයි.
ඇයගේ අනන්‍යතාවය තවමත් තහවුරු කර නොමැති අතර ඇය කළු සහ කහ පැහැති ඇඳුමක් සහ කළු කොට සායක් ඇඳ සිටින බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 777

Leave A Reply

Your email address will not be published. Required fields are marked *