හබරාදුව වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල

හබරාදූව පොලිස් වසමේ හරුමල්ගොඩ පන්සල අසල පිහිටි තානායමක් ඉදිරිපිට දී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊයේ (28) රාත්‍රියේ සිදුකල වෙඩි තැබීමකින් තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ දෙනියගොඩ, හරුමල්ගොඩ හබරාදුව පදිංචි 34 හැවිරිදි තරුණයෙකු සහ ත්‍රීරෝද රථයේ රියදුරු වන 49 හැවිරිදි අඟුළුගහ පදිංචි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රිවෝල්වර වර්ගයේ ගිණි අවියකින් 34 හැවිරිදි පුද්ගලයා ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් මොහු ඉන් බේරිම සදහා අසල තිබු ත්‍රීරෝද රථයකට ගොඩවි ඇති බව අනාවරණය වි ඇතැයි පොලිසිය පවසයි.

එහිදී ත්‍රීරෝද රථයට වෙඩි වැදිමෙන් 49 හැවිරිදි අඟුළුගහ පදිංචි ත්‍රීරෝද රථ රියදුරුද තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *