හම්බන්තොට රෝහලේ JMO අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි සිසුවිය ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව එම වෛද්‍ය පරීක්ෂණය සිදුකළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ළමාරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අදාළ දැරියට සාපරාධී බලහත්කාරය පෑමේ චෝදනාව මතයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට දැරියගේ මව විසින් සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව එම අධිකාරියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමටයි කටයුතු කර තිබුණේ.

මේ දක්වා සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 15 දෙනෙකු පරිවාස භාරයට පත්කර ඇති අතර, තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවක් සහ තවත් සිසුන් තුන්දෙනෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

එමෙන්ම මෙම සිද්ධිය වසන් කළ චෝදනාවට අත්අඩංගුවට ගත් එම දැරිය ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය භාර ගුරුවරියන් දෙදෙනා මීට පෙර ඇප මත මුදා හැර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *