හම්බේගමුවේ සාදයක දී වෙඩි තබා පලා ගිය සැකකරුවන් සොයා මෙහෙයුම්

හම්බේගමුව – සීනුග්ගල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුරදි යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

තුවාල ලැබු දෙදෙනා හම්බේගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළා.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, වෙඩි තැබීම සඳහා පැමිණි යතුරු පැදිය පොලිස් භාරයට ගෙන තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.

මේ අතර, මොරටුව – කටුබැද්ද – දන්දෙණිය වත්ත ප්‍රදේශයේ දී සිදුවූ පහර දීමකින් තරුණයෙකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

අදාළ තරුණයා කාන්තාවක සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබු අතර, ඇයගේ ඥාති පුත්‍රයෙකු මෙම පහරදීම සිදු කර ඇති බව සදහන්.

එමෙන්ම ගලහ – නිල්ලඹ – යෝගලෙච්චමී ප්‍රදේශයේදි ද ඉඩම් ආරවුලක් මුල්කරගෙන පුද්ගලයෙකු සිය බාල සහෝදරයාට පහරදී ඝාතනය කිරීමේ සිදුවීමක් වාර්තා වුණා.

මේ අතර මැදවච්චිය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට බරපතල ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙම පහරදීමෙන් තරුණයෙකුගේ වෘෂණ කෝෂයකට දැඩි හානි සිදුව තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *