හමුදා නිලධාරින්ට පොදු සමා කාලය අද සිට

ත්‍රිවිධ හමුදාවේ සේවයට වාර්තා නොකළ කොමිෂන් ලත් නිලධාරීන් හැර සෙසු නිලයන් සඳහා අද (20) සිට පොදු සමාකාලයක් ක්‍රියාත්මකයි.

එය මැයි මස 20 වනදා දක්වා බල පැවැත්වෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා.

මෙම පොදු සමාකාලය තුළ සේවයට වාර්තා කරන්නන් නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත් කිරීමටයි එම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

එසේම, විදේශගත හමුදා සාමාජිකයන් සඳහාද මෙහිදී සේවයෙන් ඉවත් වීමට අවස්ථාව සැළසෙන අතර, ඊට අදාළවද අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව, නැවත තම ඒකකය වෙත රපෝර්තු කිරීමකින් තොරව ඊට ඉඩ ලබා දී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *