හරක් කටාට පහසුකම් කිහිපයක්

මේ අතර දැනට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට
පහසුකම් කිහිපයක් සලසා දීම සඳහා නීතිපතිවරයා අද කොළඹ මහාධිකරණය හමුවේ එකඟ වුණා.
ඒ හරක් කටා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසමක් අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ
කැඳවූ අවස්ථාවේදීයි
නීතිඥවරු හමුවීම සඳහා මේ වන විට ලබා දී ඇති විනාඩි 15 ක කාලය පැයක් දක්වා දීර්ඝ කිරීම, ඔහු රඳවා සිටින
ස්ථානයේ සී.සී.ටී.වී කැමරා පද්ධතියක් ක්‍රියාත්මක වන්නේදැයි වාර්තාවක් කැඳවීම, පියා ඇතුළු ඥාතීන් හමුවීම
සඳහා දැනට ලබාදෙන විනාඩි 15ක කාලය පැයක් දක්වා දීර්ඝ කිරීම,තංගල්ල රෝහලේ වෛද්‍යවරයෙකුගෙන්
ප්‍රතිකාර ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් අදාල මෝසම මගින් ඉල්ලා තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *