හරින්ට මනුෂට පාර්ලිමේන්තුවේ පුටුව අහිමිවන ලකුණු ?

හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අය සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය අහෝසි බව තහවුරු කරමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වනු ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු හිරු නිව්ස් කල විමසීමකදී පවසා සිටියේ අදාල අධිකරණ නියෝගය තවමත් පාර්ලිමේන්තුවට නොලැබුණු බවයි.

යම් මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයෙන් පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් තින්දුවක් ලැබුණු පසු එය පාර්ලිමේන්තුවට ලැබුණු වහාම එම නියෝගය සැලකිල්ලට ගෙන මැතිවරණ කොමිසන් සභාව වෙත යොමු කරන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙකු අප වෙත කියා සිටියා.

ඉන් පසු අදාළ නියෝගය මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කිරීමක් සිදු කර ප්‍රකාශයට පත් කරනු ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *