හලාවත මාරක අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට

හලාවත – ඉරට්ටකුලම් ප්‍රදේශයේදී ශ්‍රී ලංගම බස් රථයක් හා ලොරි රථයක් ගැටී සිදු වූ අනතුරෙන් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි තවත් අයෙක් අද (05) පෙරවරුවේ මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 70ක් වන කාන්තාවක්.

ඒ අනුව අදාළ අනතුර හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව තිදෙනෙක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර හේතුවෙන් ලංගම බස් රථ‍යේ රියදුරා ද ජීවිතක්ෂයට පත් වුණා.

එසේම අසාධ්‍ය තත්වයේ පසුවන තවත් පිරිසක් දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගල සදහන් කළේ.

ඒ අතර එම රෝහලේම වෛද්‍යවරයෙකු ද සිටිනවා.

කොළඹ සිට හලාවත බලා ධාවනය වූ බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් සමඟ එම අවස්ථාවේ පැවති අධික වර්ෂාව හේතුවෙන් එය පාලනය කරගත නොහැකිව හලාවත සිට කොළඹ දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ ගැටීමෙන් අද උදෑසන මෙම අනතුර සිදුවුණා.

එහිදී 28 දෙනෙකු තුවාල ලැබූ අතර, එම පිරිස අතරට කාන්තාවන් 8 දෙනෙකු ද ඇතුළත්.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *