හැරී පෝටර් මාලිගයට මිසයිල ප්‍රහාරයක්

යුක්රේනයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මන්දිරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් දැඩි හානි සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කළු මුහුදේ ඔඩේසා වරායට ආසන්නයේ පිහිටි මෙම මන්දිරය ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 28ක් බව පවසන එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ඒ අතර 12 හැවිරිදි පිරිමි ළමයෙකු සහ ගර්භනී කාන්තාවක ද සිටින බවයි.

යුක්‍රේනයේ හිටපු නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *