හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මාධ්‍ය හමුව..

සජිත් විපක්ෂ නායක කාර්යභාරය හරියට ඉටු කළේ නෑ..

විපක්ෂ නායක කමට සජිත් අසමත්..

සජිත් ගේ සීයට 55 සීයට 3 ට යටවුනේ සජිත් ගේ දුර්වල විපක්ෂ නායක කම නිසයි..

හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජාන්ත මහතා මාධ්‍ය හමුවේ පවසයි..
…………………………………

කොළොන්නාව ආසනයේ ගෑස් ටැංකිය ලකුණෙන් තරග වදින ජගත් ඉඳුනිල් මහතාගේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී සුසිල් ප්‍රේම ජයන්ත මහතා මේ බව පැවසුවා..

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේම ජයන්ත මහතා…
……………………

අපි දේශපාලනයේ බොහෝ දෙයක් අත්වින්දා..
අපිට ඉතිහාසයේ අත්දැකීම් තියෙනවා..

පාර්ලිමේන්තුවට අලුත් මූණු අවශ්‍යයි. ඒ වගේම පරිණත භාවය තියෙන අයත් ඕනේ..

අපේ සටන් පාඨයේ විපක්ෂ නායක කම නොවේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ඊට පස්සේ තමයි විපක්ෂ නායකකම තීරණය වෙන්නේ…

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක කාර්යභාරය හරියට කරලා නැහැ..

විපක්ෂ නායක තනතුරේ කාර්යභාරය හරියට කළා නම් ලක්ෂ පනස් පහ ගත්ත කෙනා තමයි ඉදිරියට එන්න ඕනේ..

නමුත් එයාව අභිබවලා සියයට තුනයි දශම පහ ඉදිරියට ආවා..

විපක්ෂ කාර්යභාරය අසමත් සියයට තුන ඉදිරියට ආවේ සීයට පනස් පහ අසමත් නිසා..

ජාතික ආරක්‍ෂාව ගැන ගැටළුව හරියට කල්පනා කරන්නේ කරගන්න ඕනේ. වැඩිපුර ඉස්මතු වුනොත් සංචාරක කර්මාන්තය බිඳ වැටෙනවා..

අපි ලක්ෂ හැට නමයක් ගත්තා ඒත් ස්වභාවික හේතු තිබුණා ඒක විනාශ වෙන්න..
…………………………………

ගෑස් සිලින්ඩරය යටතේ කොලොන්නාව ආසනයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන කොටි ගාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් ඉඳුනිල් මහතාද මෙහිදී අදහස් දැක්වූවා..

ජගත් ඉඳුනිල් මහතා..

කොලොන්නාවට පිටින් ආපු අය තමයි මැතිවරණ වලට ඉදිරිපත් කළේ..
මෙවර ඉදිරිපත් වෙන්නේ කොළොන්නරුවේම කෙනෙක්..

පහුගිය කාලේ අපේ ගෙවල් ගිනි තියලා අපේ දේශපාලන ගමන නවත්තන්න බැලුවා..
අපි සමග ජනතාව ඉන්නවා ඒ හින්දා අපි දේශපාලනය ඉවත් වෙන්නේ නෑ..

අපි අභියෝගවලට මුහුණ දෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *