හිටපු ජනාධිපති රනිල්ගෙන් පී.එස්.ඩී ගලවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව ඊයේ සිට වත්මන් ජනාධිපතිවරයා වෙත අනියුත්ක කර තිබෙනවා.

ඒ අනුව, රනිල් වික්‍රමසිංහට හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව හිමිවන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

ජනාධිපතිවරයෙකු ධූරය දරණ කාල සීමාව තුළ ඔහුට හෝ ඇයට එම ආරක්ෂාව සලසනු ලබන්නේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය මගින්. එහෙත් ධූරයෙන් විශ්‍රාම යාමෙන් පසු එම ආරක්ෂාව හිටපු ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයට පැවරෙනවා.

ඒ අනුව, මේ දක්වා හිටපු ජනාධිපතිවරු 07 දෙනෙකුට එවැනි ආරක්ෂක ඒකක 07 ක් පිහිටුවා අවශ්‍ය ආරක්ෂාව ලබාදී ඇති අතර, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් 08 වැනි ආරක්ෂක ඒකකය පිහිටුවීමටයි නියමිතව ඇත්තේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට මේ වන විට පළවන වාර්තා සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදීයි මෙම කරුණු හෙලි වුණේ.

පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත කියා සිටියේ තනතුරින් ඉවත් වු වහාම එම තනතුරට අදාළ ආරක්ෂකයින් ඉවත් කිරීම සිදු නොකර අතර එය ක්‍රම ක්‍රමයෙන් ආරක්ෂාව ඉවත් කිරීම සාමන්‍ය දෙයක් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *