*හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලට යොමු කිරීම සමිබන්ධවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2024.10.31 වන දින රක්ෂිත භාරයට පත්කර මැගසින් බන්ධනාගාරයට ඇතුලත් කරන ලදී.

එහිදී ගරු මහේස්ත්‍රාත්තුමාගේ නියෝග අනුව මෙතුමා හිටපු බන්ධනාගාර අමාත්‍යවරයා බැවින් විශේෂ ආරක්ෂාවක් සැපයිමටත්, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත් අදාල නියෝගයේ සටහන් කර තිබූ අතර, එහිදී 2024.10.31 වන දින බන්ධනාගාර වෛද්‍යවරයාගේ නිර්දේශ මත නේවාසිකව වෛද්‍ය ප්‍රථිකාර ලබාදීම සඳහා බන්ධනාගාර රෝහල වෙත ඇතුලත් කරන ලදී.

ඒ අනුව, මෙම සැකකරුගේ සෞඛ්‍ය තත්වය පිළිබදව වාර්ථාවක් බන්ධනාගාර රෝහලෙන් කැඳවු අතර, එහිදී ස්වසන අපහසුතාවයන් මත බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර කල යුතු බවත්, අක්මාව, පෙනහළු හා අගන්‍යාශය ආශ්‍රිත රෝගී තත්වයන් වලින් පසුවු බැවින් විශේෂඥ වෛද්‍යවරයෙකුට වෙත ඉදිරිපත් කල යුතු බව වැඩිදුරටත් සඳහන් කර ඇත.

දැනට සැකකරු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ප්‍රතිකාර අවසන් වීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත නැවත බන්ධනාගාරය වෙත යොමු කිරීමට නියමිතව ඇත.

ගාමිණී බී.දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *