හිරුණිකාගේ ඇප අයදුම සලකා බැලීම 15 දා

බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කර ඇති ඉල්ලීමට අදාළව නීතිපතිවරයා විසින් ලිඛිතව සිය විරෝධය කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (11) භාරදුන්නා.
මෙම ඇප ඉල්ලීම ඊයේ කොළඹ මහාධිකරන විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම විරෝධතා රජයේ නීතිඥවරයා විසින් භාරදෙනු ලැබුවා.
ඉන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ඇප ඉල්ලීම පිළිබඳ විභාගය මේ මස 15 වනදා සිදුකරන බවත් විනිසුරුවරයා නියෝග කළා.
2015 වසරේ දෙසැම්බර් මස 21 වන දා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප්‍රියංක නමැති තරුණයකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනා 18 කට වරදකරු කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඉකුත්දා කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම කෙරුණා.
එම දඬුවමට එරෙහිව තමා අභියාචනාදීකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කළ ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *