හෙටත් ප්‍රදේශ කිහිපයකට වැසි

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා හෙට මිලිමිටර 75ක පමණ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, ඌව පලාතේ මෙන්ම අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්ක වලත් පස්වරුවේ වැසි ඇති විය හැකි බව සදහන්.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර , උතුරු මැද සහ වයඹ පළාත් වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රිත්ක්ක වල පැයට කිලෝමීටර 50කට ආසන්න තද සුළං ඇති හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *