හෙරොයින් ජාවාරම් කළ කාන්තාවන් ‍දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (02) යාපනයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ලග තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව යාපනය පොලිස් වසමේ අරාළි වීදිය, පස්වන හරස්පාර, ඔට්ටමඩමි සහ කෝපායි පොලිස් වසමේ යමුනාවිදි, නල්ලුර්හි සිදු කළ වැටලීම්වලදීයි.

එහි දී අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාවාරම් කිරීම සඳහා හෙරෝයින් ග්‍රෑම් 02 මිලි ග්‍රෑම් 490ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 32ක කාන්තාවක් සහ හෙරෝයින් ග්‍රෑම් 01 මිලි ග්‍රෑම් 270ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 55ක කාන්තාවක්.

අත්අඩංගුවට ගත් එම කාන්තාවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාපනය සහ කෝපායි පොලිස් ස්ථාන වෙත භාර දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *