හෙල්මට්වලින් පහරදී ඝාතනය කළ පුද්ගලයාගේ සිරුරු කොටස් අතුරුදන්

පසුගිය වසරේ සිසුන් පිරිසක් විසින් වැලිපැන්න ප්‍රදේශයේදී හෙල්මට්වලින් පහර දී ඝාතනය කළ පුද්ගලයාගේ දේහය මිහිදන් කර තිබූ සොහොන කඩා මළ සිරුරේ හිස කොටස සහ සිරුරු කොටස් රැගෙන ගොස් ඇති බවට වැලිපැන්න පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අදාළ පහරදීම සිදුකළ සිසුන් විසින්ම එය සිදුකර ඇති බවට සැක කෙරෙන බවයි පවුලේ ඥාතීන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර, සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේදී ආයෝජන කලාප සේවිකාවක සහ හෝටල් සේවිකාවක ලෙස කටයුතු කළ කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ සිද්ධියකට අදාළව ඇය සමග එක්ව වාසය කළ 32 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

36 හැවිරිදි මෙම කාන්තාව ගාල්ල – නෙලුව ප්‍රදේශයේ පදිංචි එක් දරු මවක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *