හොරණදී මාරක අනතුරක්

හොරණ පෝරුව දණ්ඩ බොරලුගොඩ ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රියදුරට පාලනය කර ගත නොහැකිව නවතා තිබූ ත්‍රීරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රී රෝද රථය අසල රැදී සිටි 29 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතල තත්වයේ පසු වූ තවත් පුද්ගලයෙක් හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළම ජාතික රෝහල වෙත මාරුකර එවා තිබෙනවා.

මෙලෙස මිය­ගොස් ඇත්තේ බුල­ත්සිං­හල හල්වතුර ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි 29 හැවි­රිදි වසන්ත ලක්මාල් නමැති අවි­වා­හක පුද්ග­ල­යෙක්.

ඇගේ පෙවතියද මේ අවස්තාවේදී ත්‍රීරෝද රථයේ සිට ඇති අතර ඇය දිවි බේරාගෙන තිබෙනවා.

අදාළ අන­තු­රින් බර­ප­තළ තුවාල ලබා ඇත්තේ පෝරු­ව­දණ්ඩ අරු­ණ­ගම ප්‍රදේ­ශයේ පදිංචි 61 හැවි­රිදි පුද්ග­ල­යා මෙම තරුණියගේ පියා බවයි වාර්තා වෙන්නේ.

මෙම පුද්ගලයින් එළ­වළු වෙළෙ­ඳ­සැ­ලක් ආරම්භ කිරීමේ කට­යු­තු­වල නියැ­ළෙ­මින් සිට ඇති අතර ඔහුට දහ­වල් ආහාර පාර්ස­ල­යක් රැගෙන යාමට මෙම ස්ථානයට පැමිණ තිබුණා.

එම අන­තු­රින් බර­ප­තළ තුවාල ලැබූ පුද්ග­ල­යන් දෙදෙනා හොරණ මූලික රෝහල වෙත ඇතු­ළත් කිරී­මෙන් අන­තු­රුව එක් අයකු මිය­ගිය බව රෝහල් ප්‍රකා­ශ­ක­යකු පවසා තිබෙනවා.

අනෙක් පුද්ග­ලයා බර­ප­තළ තත්ත්වයේ පසුවූ බැවින් කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවූ බවත් රෝහල් ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් පොලිසිය පැවසුවේ හොරණ සිට ඉංගි­රිය දෙසට ධාව­නය වීමෙන් තිබූ මෙම සුඛෝ­භෝගී මෝටර් රථ­යක් වම් අත දිසාවේ පිහිටා තිබෙන අංක 28 බෝක්කුවේ ගැටී රිය­දු­රට පාල­නය කර­ගත නොහැ­කිව මාර්ගයේ ප්‍රති­වි­රුද්ධ දිසාව තිබූ මෙම ත්‍රීරෝදරථයේ ගැටී ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *