හොරණ ද්විත්ව ඝාතන සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධකයක් අසල දී අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

කෙසේවෙතත් පොලීසියට එයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී අදාළ යතුරුපැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස මියගොස් ඇත්තේ අංක 42, මීරියගල්ල,පාදුක්ක යන ලිපිනයේ පදිංචි රාජපක්ෂ පතිරගේ දිලංක ලක්මාල් රාජපක්ෂ නැමති ශ්‍රී ලංකා ගුවන් හමුදා සෙබළෙක් බවට හඳුනාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම පුද්ගලයා ඊයේ (07) හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවු ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු බවය

What's your reaction?

Related Posts

1 of 794

Leave A Reply

Your email address will not be published. Required fields are marked *