හොර වෛද්‍යවරයෙකු සොයන නියෝගයක්

වෛද්‍යවරයකු ලෙස ව්‍යාජව පෙනී සිට බාල වයස්කරුවන් දෙදෙනෙකුට ප්‍රතිකාර කළ බව කියන පුද්ගලයෙකු සොයා පොලිසිය විමර්ශන සිදුකරනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල අද (15) වැල්ලම්පිටිය පොලිසියට නියෝග කොට තිබෙනවා.

සැකකරු වැල්ලම්පිටිය පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයා නොමැති අවස්ථාවක මෙසේ ප්‍රතිකාර කළ බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවන්ගේ පියා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබුණා.

නමුත් විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර නොමැති බවට දරුවන්ගේ පියා වෙනුවෙන් කළ කරුණු දැක්වීම අනූව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *