හෝමාගම ගැටුමකට මැදි වූ 12 දෙනෙකු අත්අඩංගුවට

හෝමාගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් එම ප්‍රදේශයේ හෝටලයක පැවැත් වූ සාදයක් අතරතුර එහි සේවකයින් සමග ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

ගැටුම හේතුවෙන් හෝටලයේ සේවකයෙකු තුවාල ලබා ඇති අතර දේපළ රැසකට අලාභ හානි සිදු වුණා.

ගැටුමට සම්බන්ධ සිසුවියක් සහ සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

හෝමාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් එම ප්‍රදේශයේම හෝටලයක අවුරුදු සාදයක් පවත්වා තිබුණේ පසුගිය 30 වැනිදායි.

එහිදී සාදට සහභාගී වූ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුණා.

ගැටුම දුරදිග යාමත් සමඟ හෝටල් සේවකයින් ද ඊට මැදිහත් වී ගැටුම නැවැත්වීමට උත්සහ ගත්ත ද එම උත්සහය සාර්ථක වූයේ නැහැ.

එහිදී හෝටල් සේවකයෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරුව හෝටලයේ ගේට්ටු වසා දමූ සේවකයින් සිද්ධිය පිළිබඳ 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඇතුලුව සිසුන් 12 දෙනෙක් හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සිසුන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 3000 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරුණා.

මේ අතර ගැටුම පාලනය කිරිම ගොස් තුවාල සිදු වූ හෝටල් සේවකයා මේ වන විටත් හෝමාගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *