ෆින්ලන්තයේ පාසලක වෙඩි තැබීමට හේතුව නවක වදය බව අනාවරණය වෙයි

ෆින්ලන්තයේ, වැන්ටාහි පාසලකදී පිරිමි දරුවෙකුට වෙඩි තබා ගැහැණු දරුවන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකළ සිද්ධිය සිදුව ඇත්තේ නවක වදය නිසා බව ෆින්ලන්ත පොලිසිය පවසනවා.

එම වෙඩි තැබීම සිදුකළ 12 හැවිරිදි සිසුවා පාසලේදී හිරිහැර කිරීම්වලට ලක්ව ඇති නිසා මෙලෙස වෙඩි තැබීමට පෙලඹී ඇති බවයි පවසා ඇත්තේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු ෆින්ලන්තයේ, වැන්ටාහි ඔහු අධ්‍යාපනය ලබමින් සිටි පාසලෙන් පිටතදී රඳවා තබාගෙන ප්‍රශන කර ඇති බව සඳහන් වෙනවා.

ඔහුගේ වෙඩි තැබීමෙන් එක් පිරිමි දරුවෙකු ඝාතනයට ලක්වූ අතර ගැහැණු දරුවන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු වුණා.

ඔවුන් දෙදෙනා තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සියලු දෙනා 12 හැවිරිදි වියේ පසුවනවා.

පොලිසිය පවසා ඇත්තේ මෙම සිසුවා මේ වසර ආරම්භයේ දී මෙම පාසලට මාරු කර ඇති බවයි.

රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ පාසලේ ළමුන් තමාට හිරිහැර කළ බවයි.

මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, සැකකරුගේ වයස හේතුවෙන් සාපරාධී වගකීමක් දැරිය නොහැකි නිසා ඔහු සමාජ සේවා භාරයට භාර දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *