ෆිලඩෙල්ෆියාවට භූ කම්පනයක්

එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියා නගරයට රික්ටර් පරිමාණයේ 4.8ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

1700 ශතවර්ෂයේ ඉදිකරන ලද ගොඩනැගිලි සහිත ඓතිහාසික නගරයක් වන ෆිලඩෙල්ෆියාවට දැනුණු භූ කම්පනයෙන්, එහි දේපළවලට විශාල හානියක් සිදුව නැති බවයි එම මාධ්‍ය වාර්තාවල පළවෙන්නේ.

එම භූ කම්පනයෙන් අනතුරුව ෆිඩෙල්පියාවේ නගර ශාලාව ඇතුළු ගොඩනැගිලිවලින් මිනිසුන් ඉවත් කර ඇති අතර, එම ප්‍රදේශයේ දුම්රිය ගමනාගමනය ද තාවකාලිකව නවතා දමා තිබෙනවා.

එම කලාපයේ භූ කම්පනයන් වාර්තා වීම ඉතා විරල සිදුවීමක් බව පෙන්වා දෙන ෆිඩෙල්පියා බලධාරින් පෙන්වා දෙන්නේ, එම භූ කම්පනයෙන් කිසිදු හානියක් සිදුව නැතත් එහි ජනතාව කම්පනයට පත්ව සිටින බවයි.

මේ අතර එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයේ භූමිකම්පා විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, ක්‍රිස්ටීන් ගූලට් (Christine Goulet) සඳහන් කරන්නේ, “එය රික්ටර් මාපකයේ 4.8ක් වූ එය තරමක් කුඩා සිදුවීමක්. නමුත් එය මිනිසුන්ව කම්පා කර තිබෙනවා. මෙවැනි භූ කම්පන නැගෙනහිර වෙරළ තීරයේ සිදුවන විට මිනිසුන් සැමවිටම පුදුමයට පත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *