ෆොක්ස් හිල් අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා රිමාන්ඩ්

07 දෙනෙකුට මරු කැඳවමින් සහ 23 දෙනෙකු රෝහල්ගත කරමින් ඊයේ (21) දියතලාව නරියා කන්දේදී ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගයේදී සිදුවූ අනතුරට සම්බන්ධ රියදුරන් 2 අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම තරගය අතරතුර වම්පස ඉදිරියෙන්ම ධාවනය වූ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් තිබෙන අතර, දකුණු පස සිටි නරඹන්නන් පිරිසක් ධාවන පථය ආසන්නයටම පැමිණ තිබෙනවා.

තරගයේ පසුපසින් ධාවනය වූ තවත් මෝටර් රථයක් දකුණු පසින් පැමිණ තිබුණේ එම අවස්ථාවේදී යි.

එහිදී ධාවන පථය ආසන්නයටම පැමිණ සිටි නරඹන්නන් කලබලයට පත්ව තිබූ අතර, ඔවුන්ව මගහැර ධාවනය කිරීමට මෝටර් රථයේ රියැදුරු උත්සාහ කළ අවස්ථාවේ 160km/h ක අධික වේගයෙන් ධාවනය වෙමින් පැවති එම මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් දෙසට පෙරලීයාමෙන් පුද්ගලයන් පස් දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරුව අනතුරින් තුවාල ලැබූවන් 25 දෙනෙකු දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ අතර, ඉන් දෙදෙනෙකු එම රෝහලේදී ජීවිතක්ෂයට පත් වූ අතර, බරපතළ තත්ත්වයේ තුවාල ලබා සිටි තිදෙ‍නකු බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් පොලිසිය සඳහන් කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *