119ට බොරු ඔත්තුවක් දුන් පුද්ගලයෙක්ට වසර 05ක අත්හිට වූ සිරදඩුවමක්

ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් මත්පැන් සාදයක් පවත්වන බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිතව වසර 02ක සිරදඩුවම් නියම කර, එය වසර 05කට අත්හිටුවීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා අද (03) නියෝග කළා.

ඊට අමතරව රුපියල් දහසක දඩයක් සහ පොලිසිය විමර්ෂණය කළ නිලධාරියාට රුපියල් දසදහසක මුදලක් ගෙවන ලෙසට ද මෙහිදී නියෝග කෙරුණා.

ගිනිගත්හේන, අඹගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ආසිරි අසේල කරුණාරත්න නැමැති පුද්ගලයාට එරෙහිවයි මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ.

මෙම පුද්ගලයා 2023.11.06 දින නිවසක පැවති උත්සවයකින් අනතුරුව 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දී ගිනිගත්හේන පොලිසිය තුළ පොලිස් නිලධාරින් මත්පැන් සාදයක් පවත්වන බවට අසත්‍ය තොරතුරක් ලබා දී තිබුණා.

එම අසත්‍ය තොරතුරත් සමඟ සැකකරු සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරුට එරෙහිව දණ්ඩ නිති සංග්‍රහයේ 180 වගන්තිය යටතේ අසත්‍ය තොරතුරු ලබාදීම යන චෝදනාව යටතේ සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

අධිකරණය ඉදිරිපත් කළ සැකකරු වරද පිළිගැනීමෙන් පසුවයි මෙම දඬුවම් නියමකර ඇත්තේ.

චුදිතටයාට දඬුවම් නියම කිරිමෙන් පසු, විවෘත අධිකරණයේ දී කරුණු දැක් වූ හැටන් දිසාවිනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් මහතා කියා සිටියේ, තාක්ෂණය උපයෝගී කරගනිමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණය සිදුකළ පොලිස් නිලධාරියා සාර්ථකව එම විමර්ශනය සිදුකර ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *