13 ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායකවරයා කියයි

තම පාලනයක් යටතේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වළ වැඩසටහනේ 225 වැනි අදියර යටතේ කිලිනොච්චිය භාරතී විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට අද එක්වෙමින්.

මෙහිදී නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් සපයා ගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා විසින් පරිත්‍යාග කරනු ලැබුවා.

ඉන් අනතුරුව අදහස් දැක්වු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ අනිවාර්යෙන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *