13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය ආරම්භ කරයි

13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය සමාරම්භය සනිටුහන් කිරීම පසුගිය බ්‍ර‍හස්පතින්දා (12) පනාගොඩ ශ්‍රී ලංකා යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාධිපති එයාර් මාෂර්ල් උදේනි රාජපක‍්ෂ මෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් 13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කිරීමේ නිවේදනය නිකුත් කල අතර, ඉන් අනතුරුව ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙකු විසින් ආරක්ෂක සේවා ක්‍රීඩා තරඟාවලියේ ගිණිසිළුව දැල්වීම සිදුකරන ලදි. තවද මෙහිදි සමාරම්භ උළෙලේ සුවිශේෂිම අංගයක් වන 13 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ නිල සුරතලා සුරතලා වන ‘කේශර’ හඳුන්වාදීම සිදුවිය.

ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගෙගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරනු ලබන මෙවර තරඟාවලියේ සත්කාරකත්වය ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් ඊට සහයෝගය දක්වනු ලබයි. 13 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා තරඟාවලිය 2025 ඔක්තෝබර් මස වන තෙක් පැවැත්වෙන අතර මෙවර තරඟාවලිය සඳහා යුද, ගුවන් සහ නාවික හමුදා ක්‍රීඩා ඉසව් 39 ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩාකාවන් 4000 කට අධික පිරිසක් සහභාගිවීමට නියමිතය.

ආරක්‍ෂක සේවා තරගාවලියේ දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර තරග නියෝජනය කිරීමට සුදුසුකම් ලැබූ ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතිහාසය පුරාවට තම දේශය වෙනුවෙන් පදක්කම් විශාල ප්‍රමාණයක් දිනා දී ඇති අතර, ශ්‍රි ලාංකීය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සියලු දෙනාගේ අවධානය දිනා ඇති මෙම ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙල සඳහා ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සංචිතයන්හි සභාපතිවරුන්, ආරක්‍ෂක සේවා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් සහ එයට සම්බන්ධ සියලුම නිලධාරීවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදා ක්‍රීඩා සංචිත නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද සහභාගි විය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *