15 හැවිරිදි සිසුවා ඝාතනය කළ අවුරුදු 17 පාසල් සිසුවාට අධිකරණයෙන් දුන් නියෝග‍‍ය

බහින්බස් වීමක් දුරදිග යාමෙන් 15 හැවිරිදි පාසැල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු අගුණකොළපැලැස්ස බන්ධනාගරයේ අනෙකුත් රැඳවියන්ගෙන් වෙන්ව තබන ලෙසයි හම්බන්තොට මහේස්ත්‍රාත් ඕෂධ මිගාර නියෝග කළේ.

හම්බන්තොට – සිප්පිකුලම ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසලදී මොහු කළ පහරදීමකින් ජීවිතක්ෂයට පත් වුණේ හම්බන්තොට බැද්දෙවෙල පදිංචි 15 හැවිරිදි සිසුවෙක්.

ඔහු හම්බන්තොට නගරයේ පාසැලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබා ඇති අතර පෙරේදා සවස සිප්පිකුලම ප්‍රදේශයට ගොස් තිබුණේ උපකාර පන්තියකට සහභාගි වීම සදහායි.

හම්බන්තොට නගරයේම වෙනත් පාසැලක ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවාද එම උපකාර පන්ති පැවත්වෙන ස්ථානයට පැමිණ අදාළ සිසුවාට පහරදී තිබෙනවා.

පොලිසිය පැවසුවේ පහර කෑ සිසුවා හම්බන්තොට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි.

සිසුන් දෙදෙනා අතර පැවති ආරවුලක් මෙම ගැටුමට හේතු වී ඇති බව සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *