ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික කනිෂ්ඨ ගෝල්ෆ් තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය ලබාදීම පසුගියදා සිදු කෙරුණා
තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ ප්‍රීමා සන්රයිස් සන්නාමයයි.. ශ්‍රී ලාංකීය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම රටටම හඳුන්වා දෙන මෙවර තරගාවලියට විදේශ තරගකරුවන් පිරිසක් ද සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය 2024 දෙසැම්බර් මස 10 වැනිදා සිට 12 වැනිදා දක්වා උදෑසන 8.00 සිට කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ (RCGC) ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. තරගාවලියට සහභාගී වන දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුහුණු තරග දෙසැම්බර් 09 වැනි දින පැවැත්වීමට කටයුතු කොට ඇත. ” ප්‍රීමා සන්රයිස්’ සන්නාමයේ පූර්ණ අනුග්‍රාහක දායකත්වය යටතේ පැවැත්වෙන ත්‍යාග ප්රදානෝත්සවය දෙසැම්බර් 12 වැනිදා ප.ව 3.00 ට පැවැත්වීමට සැලසුම් කොට ඇත. මෙම තරගා වලින් පුරා ක්‍රීඩකයන් වෙත ආහාර සැපයීමද ‘ ප්‍රීමා සන්රයිස් ‘ සන්නාමයේ දායකත්වයෙන් සිදු කෙරේ.
ප්‍රේමා ශ්‍රී ලංකා සමූහයේ සාමාන්‍යාධිකාරී ඇන්ඩි විරමන් මහතා ප්‍රීමා සන්රයිස් අනුග්‍රාහකත්වය පිළිබඳ අදහස් දක්වමින් ” ජාතික ශ්‍රේණිගත කිරීම් සඳහා නිර්ණායකය වන ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය වෙනුවෙන් දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකා ගෝල්ෆ් සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කිරීමට ප්‍රීමා සමූහයට ලැබීම මහත් ගෞරවයක්. තරුණ හා නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමට, ඔවුන් සවිබල ගැන්වීමට සහ ක්‍රීඩාවේ උසස් ප්‍රමිතිගත තත්ත්වයක් පවත්වා ගැනීමට උපකාරී වන ගමනක කොටස්කරුවන් වීමට සෑම වසරකම අපගේ අනුග්‍රාහකත්වය හේතුවන බව අප තදින් විශ්වාස කරනවා.” යැයි පැවසීය.
ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ බාලක හා බාලිකා කාණ්ඩයන්ගෙන් ජාතික ශූරතා දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කණිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකා වර්ගී කරණය ලෙස සුපතල World Amateur Golf Rankings (WAGR) වෙත ඇතුලත් වීමේ අවස්ථාව හිමි වේ. ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියත් ඒ හා සමගාමීව ප්‍රාදේශීය මට්ටමෙන් පැවැති විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරග සියල්ල සභාදිද්ද රාජතට පැවැති අන්තර් සමාජ ගොල්ෆ් කරග රැසක් වෙත ” ප්‍රීමා සන්රයිස් ” සන්නාමය විසින් සිය අනුග්‍රාහක දායකත්වය වසර පුරා එක් කර ගන්නේ දිවයින පුරා විසිරි සිටින දක්ෂ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික මට්ටමේ කීර්තියක් අත්කර ගන්නට ශක්තියක් වෙමිනි.
සීමා ශ්‍රී ලංකා සමූහයේ සිලෝන් ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රීස් සාමාන්‍යාධිකාරි සජිත් ගුණරත්න මහතා
පිළිබඳ අදහස් දක්වමින් ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව නගා සිටුවීමට දීර්ඝ කාලයක් තිස්සේ ඉතා කැමැත්තෙන් හා මහත් ඕනෑකමකින් සහයෝගය ලබාදුන් අපට මෙවරත් කාලයක් තිස්සේ ඉතා තරගාවලියට දායක වන්නට අවස්ථාව ලබාදුන් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයට පළමුව ස්තුති ව කනිෂ්ඨවො ජාතික මට්ටමේ කනිෂ්ඨ ගොල්ස් ශූරයන් ජාත්‍යන්තර මට්ටමට එසවීමට කාටස්කරුවන් බවට පත්වන්නට හැකිවීම අප ලැබූ මහත් ගෞරවයක්.
ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්රය වෙනුවෙන් 16 වසරක් තිස්සේ ප්‍රීමා දැක්වූ අමිල දායකත්වයේ නිහඬ ප්‍රතිඵල ශ්‍රී ලංකා ගොල්ෆ් අඹරේ දිලෙන යෞවන ක්‍රීඩා තරු අතර කැපී පෙනෙන ජෙවාන් සතාසිවම්, රෙෂාන් අල්ගම, කායා දළුවත්ත, ආදිත්‍ය වීරසිංහ, සිතාරා ලෝරන්ස්, අනුමි කරුණාතිලක, ජේකබ් නෝටන්, ලවිඳු ප්‍රේමරත්න, රෙවාන් අමරසිංහ, තේජස් රතිස් කාන්ත් සහ සෙනාල් නිම්සිත් යනාදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් හරහා කැපී පෙනෙයි.
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ එහි සභාපති රනිල් පීරිස් මහතා ” ශ්‍රී ලාංකීය ගොල්ෆ්
ක්‍රීඩා ක්ෂේත්රයේ කාගේත් අවධානය දිනූ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය ප්‍රීමා සන්රයිස් ශක්තියත් සමග 16
වසරක් තිස්සේ සංවිධානය කරන්නට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. ඒ වෙනුවෙන් අප ප්‍රීමා
ආයතනයට කෘත වේදී ස්තූතිය පිරිනමනවා.” යැයි පැවසීය. ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ කනිෂ්ඨ ගොල්ෆ් අනු කමිටුවේ සභාපතිනිය නිලූ ජයතිලක මහත්මිය අදහස් දක්වමින් ” ප්‍රීමා සන් රයිස් වෙතින් ලැබුණ මෙම අනුග්‍රාහකත්වය හුදෙක් මූල්‍යමය දායකත්වයක්ම පමණක් නොවෙයි ශ්‍රී ලංකා ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්රයේ සංවර්ධනයටත් ක්‍රීඩාවේ වෘත්තීයවේදීත්වයටත් ලැබුණු සහෘද අත්වැලක්. ප්‍රීමා සන්රයිස් සන්නාමයත් එක්ක ඇතිව තිබෙන මේ දිගුකාලීන සබඳතාවය නිසාම වෙනදා වාගේ මෙවරත් දිවයින පුරා සිටින දක්ෂයන් එක් රැස්කර ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කිරීමට
අපට හැකිව තිබෙනවා. තරගාවලියට ශක්තියක් වූ ප්‍රීමා සමූහයට අප බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.
වයස් කාණ්ඩ Gold (විවෘත)
-වයස අවුරුදු 15 ත් 18 ත් අතර බාලක හා බාලිකා
රිදී
වයස අවුරුදු 13 ත් 14 ත් අතර බාලක හා බාලිකා
ලෝකඩ
- වයස අවුරුදු 11 ත් 12 ත් අතර බාලක හා බාලිකා
තඹ
- වයස අවුරුදු 10 සහ 10 න් පහළ බාලක හා බාලිකා