17 හැවිරිදි සිසුවාගේ පිහි ප්‍රහාරයෙන් 15 හැවිරිදි සිසුවා මරුට

හම්බන්තොට – සිප්පිකුලම ප්‍රදේශයේදී 17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ පිහි ප්‍රහාරයට ලක්ව 15 හැවිරිදි සිසුවෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මියගිය සිසුවා හම්බන්තොට නගරයේ පාසලක 10 වසරේ ඉගෙනුම ලබන අතර ඊයේ පස්වරුවේ උපකාරක පන්තියකට සහභාගි වීම සඳහා සිප්පිකුලම ප්‍රදේශයට ගොස් සිටියදී වෙනත් පාසලක සිසුවෙකු එම උපකාරක පන්තිය අසලට ගොස් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

දෙදෙනා අතර පැවති ආරවුලක් මෙම පහරදීමට හේතුවී ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

සිද්ධියට සම්බන්ධ 17 හැවිරිදි සිසුවා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *